දේශීය ටින්මාළු නිෂ්පාදකයින්ට රජයෙන් සහනයක්
දේශීය ටින්මාළු නිෂ්පාදකයින්ට සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ, ටින් මාළු ආනයනකරුවන්ට ලබාදෙන සහනාධාර නවතදමමින්ය.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇතැයි ධීවර අමාත්‍යංශය සදහන් කරයි.
ඒ අනුව ආනයනකරුවන්ට මාළු ටින් එකක් සඳහා ලබා දුන් රුපියල් 110 ක සහනාධාරය දේශිය ටින්මාළු නිෂ්පාදකයින්ට ගෙවීමටත් තීරණය කර ඇත.
