නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් ලොව වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වෙයි
ලොව කිසිදු රටකට වඩා කොරෝනා ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් මේ වන විට ඇමෙරිකවේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.
එම ආසාදිතයින් සංඛ්‍යාව 161,504ක්.
ඇමෙරිකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 468,895ක් වන අතර, එරට සිදුවු සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 16,697ක්.
ඒ අනුව ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලියට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.
ඉතාලිය තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 18,279කි.
ස්පාඤ්ඤයෙන් මරණ 15,447ක් ද වාර්තා වේ.
ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 153,222කි.
ඉතාලියෙන් ආසාදිතයින් 143,626ක්, ජර්මනියෙන් ආසාදිතයින් 118,235ක් සහ ප්‍රංශයෙන් ආසාදිතයින් 117,749ක් වාර්තා වේ.
