News

නීති විරෝධී ගවයින් ප්‍රවාහනය කරමින් හෙරොයින් ජාවාරම් කළ අයෙකු අත්අඩංගුවට

ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් නීති විරෝධීව ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු හෙරොයින් සමග වීරකැටිය පොලීසිය විසින් ඊයේ (10 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 200ක් සොයාගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු මීට ප්‍රථම ගංජා ජාවාරම් සම්බන්ධව චෝදනා ලබා ඇති අයෙකු බව විමර්ශන වලදී හෙළි වී තිබේ.

ප්‍රවාහනය කරන ලද ගවයින්ගේ හිමිකරුවන් කිසිවකු මේ වන විට සොයා ගැනීමට නොහැකිව තිබේ.

වීරකැටිය පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එස්. බෝගොඩ විසින් විමර්ශන සිදුකරනු ලබයි.

හේමන්ත ලියනපතිරණ