සා පෙළ සිසුන්ට ගාස්තු රහිත දුරකථන සේවාවක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටළු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
දුරකථන සන්නිවේදන ආයතන රැසක් හා තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සහයෝගයෙන් මෙම පියවර ගෙන තිබේ.
තමන් සතු ඕනෑම දුරකථන ජාලයකින් 1377 අංකයට ඇමතුමක් ලබා දීමෙන් දරුවන් වෙත මෙම අවස්ථාව සලසා දිය හැකි අතර දුරකථන ගාස්තු කිසිවක් අය නොකෙරෙන අතර, සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් අදාල විමසීම් සිදු කළ හැක.
