එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන COVID-19 වෛරසය ආසාදනය වු ශ්‍රී ලාංකීකයන් හොඳ තත්ත්වයෙන් පවතින රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරයි.
සමාජ මාධ්‍යවල සංසරණය වන ඇතැම් වීඩියෝ දර්ශන අසත්‍ය බවත් එවැනි වීඩියෝ දර්ශන විශ්වාස නොකරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ ප්‍රධාන කාර්යාලය සහ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙන්ම සුභසාධන සංවිධාන සහ අනෙකුත් ප්‍රජා හා ආගමික සංවිධාන ද එක්ව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජීවත් වන ශ්‍රී ලාංකීකයින්ට වියළි ආහාර සහ වෙනත් අවශ්‍යතා බෙදා හැරීමට කටයුතු කර ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එරට රජය මඟින් ඉටුකරන කාර්යභාරය ශ්‍රී ලංකාව අගය කරන බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා තිබේ.
