News

මෙවර ගිණිකෙළි අනතුරු නැති අලුත් අවුරුද්දක්

මෙවර අලුත් අවුරුදු කාලය තුල කිසිදු ගිනිකෙළි අනතුරක් වාර්තා නොවන බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලදාරීනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය පවසයි.

අනතුරු 87 ක් ගෙවුණු පැය 24 තුල වාර්තා වී ඇති අතර මාර්ග අනතුරු 6 ක් ඊට ඇතුලත්.

වැටීම් 19 ක් / ඉහළින් ස්ථානවල සිට වැටීම් 4 ක් / හිංසන ක්‍රියා 11 ක් / සේවා ස්ථාන අනතුරු 5 ක් සහ ක්‍රීඩා අනතුරු 2 ක් වාර්තා වන බවයි හෙද නිලදාරීනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය පැවසුවේ