News

ලෝකයේ කොරෝනා රෝගීන් මිලියන 2 කට ළංවෙද්දි අමෙරිකාවෙන් නව මරණ 2405 ක්.

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 2 කට ආසන්න වී ඇත.

මේ වන විට වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහනව ලක්ෂ අනු හත්දහස් හාරසිය පනහක්. ඊයේ දිනය තුල ද වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වුයේ අමෙරිකාවෙන්.

අමෙරිකාවේ ඊයේ පමණක් පුද්ගලයින් 2405 දෙනෙකු කොරෝනා වෛරසයෙන් මියගොස් තිබුණා.