News

ඉන්සියුලින් 140,000ක් අද දිවයිනට

දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඉන්සියුලින් තොගයක් අද (15) දිවයිනට රැගෙන ඒමට නියමිතය.

මෙලෙස රැගෙන ඒනු ලබන්නේ ඉන්දියාවෙන් ඇණවුම් කළ ඉන්සියුලින් තොගයක් බවට තොරතුරු වාර්තා වේ.

එලෙස ගෙන්වන ඉන්සියුලින් 140,000 ක ප්‍රමාණයක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීමට නියමිතයි.