News

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 20 ඉක්මවයි

ලොව පුරා කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,000,243 දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 614,246කි.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයින් 203,123ක් වාර්තා වන බව එරට සෙ$ඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එමෙන්ම නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් කොරෝනා මරණ 10,834ක් වාර්තා වෙයි.

ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි.

එම සංඛ්‍යාව 174,060කි.

ඊට අමතරව ඉතාලියෙන් ආසාදිතයින් 162,488ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 143,303ක්, ජර්මනියෙන් ආසාදිතයින් 132,210ක් සහ බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 93,873ක් වාර්තා වේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 26,064කි.

ඊට අමතරව ඉතාලියෙන් මරණ 21,067ක්, ස්පාඤ්ඤයෙන් මරණ 18,255ක්, ප්‍රංශයෙන් මරණ 15,729ක් සහ බ්‍රිතාන්‍යයෙන් මරණ 12,107ක් වාර්තා වේ.