News

දිස්ක්ක 4ක් නායයාමේ අවදානමක

දැනට පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමග රත්නපුර, කළුතර, මාතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකට නායයාමේ අවදානමක් ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අනතුරු අඟවා ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න, ගොඩකවෙල සහ වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ කොටපොළද, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද නායයාම් සිදුවිය හැකි බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සාලිය කුමාර ගුණසේකර