News

ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් කොවිඩ් මර්දනයට එන්නතක්

කොවිඩ් – 19 වෛරසය සඳහා එන්නතක් ලබන සැප්තැම්බර් මාසය වන විට නිපදවිය හැකිවනු ඇති බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරියක් වන සාරා ගිල්බර්ට් පවසයි. අදාළ එන්නතෙහි පළමු මිනිස් අත්හදා බැලීම ඉදිරි දින කිහිපයේදී ආරම්භ කිරීමට නියමිතව ඇති බව ‘ද ටයිම්ස්’ පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර තිබේ.

කොරෝනා වසංගතය සඳහා වන එන්නතක් නිපදවීමට මාස 18 ක පමණ කාලයක් ගත වෙනු ඇති බවට පර්යේෂකයන් මීට පෙර ප්‍රකාශ කර තිබිණි. එහෙත් දැනට සිදුකරමින් සිටින පර්යේෂණය යහපත් ලෙස සිදුවුවහොත් කොරෝනා වසංගතයට එරෙහි පළමු එන්නත ලබන සැප්තැම්බර් මාසය වන විට නිපදවීමට හැකිවනු ඇති බව ඇය පෙන්වා දී තිබේ.

නයන තරංග ගමගේ