මාස තුනට ඩෙංගු රෝගීන් 18,500ක්
මේ වසරේ ගත වූ මාස තුන තුළ ඩෙංගු රෝගීන් 18,500 ක් මුළු දිවයිනෙන්ම වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
අප්‍රේල් මස දක්වා කාලය තුළදී ද ඩෙංගු රෝගීන් 107 ක් වාර්තා වී ඇත. එසේම ජනවාරි මාසයේ රෝගීන් 11595 ක්ද, පෙබරවාරි මාසයේ රෝගීන් 5316 ක්ද, මාර්තු මාසයේ 1482 ක්ද වාර්තා වී තිබේ.
ඒ අනුව දින තුනකට වඩා උණ රෝගය පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වරුණි පෙරමුණ
