මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් වෙත සුදුසු පරිදි අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙල පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සි.කේ. අලහකෝන් මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
නව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විෂය පථයට අදාළ වන වාහන ලියාපදිංචි කිරීමේ කටයුතු හා රියදුරු බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
එසේ වුවද නිවසේ සිට රාජකාරී කිරීමේ රජයේ ප්‍රතිපත්ති අනුගතව මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ සේවාලාභීන් වෙත සුදුසු පරිදි අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබා දීමේ වැඩපිළිවෙලක් ඇති කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව, වාහන ලියාපදිංචි කිරීම්, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම්, වාහන අංක තහඩු නිකුත් කිරීම් හා වාහන පරීක්ෂා කර කාර්මික වාර්තා ලබා ගැනීම ආදි කටයුතු දැනටමත් ආරම්භ කර එහෙත් එම සේවාවන් සම්පුර්ණ කරගත නොහැකි වු හා එම සේවාවන් පිළිබඳව තොරතුරු විශේෂයෙන් අවශ්‍ය වන පාර්ශවවල පහසුව සඳහා එම එක් එක් ක්ෂේත්රය පිළිබඳව වගකීම් දරණ නිළධාරින්ගේ ජංගම දුරකථන අංක ප්‍රකාශයට පත් කර තිබේ.
එම දුරකථන අංක සටහන පහත පරිද වේ.