News

අප්‍රේල් 20 මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් එළඹෙන 20 වනදා රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැත්විමට නියමිතව තිබේ.

රට තුළ පැතිරයමින් පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයත් සමඟ ප්‍රකාශයට පත් කර තිබූ මහ මැතිවරණය පැවැත්විමේ කාලසීමාව දීර්ඝ කෙරුණු අතර ඒ අනුව මැතිරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මෙම රැස්වීම පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.

එම සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ද සැලසුම් කර තිබේ.