ප්‍රවීණ රංගන ශිල්පී දයා තෙන්නකෝන් දිවි සිනමාට සමුදෙයි
ප්‍රවීණ රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිඛේ.
රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට 76 වන වියෙහි පසුවුණා.
සිනමාව / ටෙලි නාට්‍යය සහ වේදිකාව ඒකසේ ජයගත් රංගන ශිල්පියෙකු වු දයා තෙන්නකෝන් මහතා 1969 හත්තානේ කතාව චිත්‍රපටයෙන් සිය සිනමා දිවිය ආරම්භ කළා.
ඔහු ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙස ද කටයුතු කරනු ලැබුවා.
ඔහු රංගනයෙන් දායක වු ටෙලි නාට්‍යය අතර තට්ටු ගෙවල් නාට්‍යයේ ඉමහත් රසික ප්‍රසාදයක් දිනා ගත්තා.
බඹරු ඇවිත් / සෙයිලම / එයා දැන් ලොකු ළමයෙන් ඇතුලු මෙරට සිනමාවේ සුවිශේෂි චිත්‍රපට රැසකට ද දයා තෙන්නකෝන් මහතා රංගනයෙන් දායක වී ඇත.
