මුඛ ආවරණ මිලියන 21 පරිසරයට විසිකළොත් විශාල දූෂණයක්
කොරෝනා වෛරසය හේතුවෙන් භාවිතයට ගන්න මිලියන 21ක් පමණ වන මුඛ ආවරණ සහ අත් ආවරණ නිවසේදීම ක්රමාණුකූලව අපහරණය කිරීමට කටයුතු කරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සමුද්‍රීය පරීක්ෂණ ආරක්ෂඛ අධිකාරියේ සාමාන්‍ය අධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේ කොරෝනා වසංගතය සමග මිලියන 21ක් පමණ මුඛ ආවරණ භාවිතයට ගන්නා බවත් මෙම ද්‍රව්‍ය පරිසරයට මුදාහැරීමට කටයුතු කළහොත් පරිසර දූෂණයක් ඇති විය හැකි බවත්ය.
එම නිසා ද්‍රව්‍ය නිවසේදීම දහනය කිරීමට හෝ වළ දැමීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටියි.
එසේ නොමැති නම් පළාත් පාලන ආයතන මගින් හෝ මෙම අපද්‍රව්‍ය වෙනම එකතු කොට නිසි ක්‍රමවේදයකට අනුව බැහැර කිරීම සිදුකළ යුතු බවද ඔහු සඳහන් කළේය.
මේ වන විට ලෝකයේ බොහෝ රටවලට මෙම මුඛ ආවරණ සහ අත්ආවරණ බැහැර කිරීමේදී ගැටලු මතුවී ඇති බවත් ඒ හේතුවෙන් පරිසර දූෂණය සිදු වී ඇති බවත් වාර්තා වී තිබේ.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ඇතිවුවහොත් විශාල වශයෙන් පරිසර දූෂණයක් සහ සෞඛ්‍ය අනාරක්ෂිත බවක් ඇතිවන බවද ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර අවධාරණය කළේය. එමෙන්ම මෙම කොරෝනා වසංගතය සමග ගත වූ කාලයේදී වෙරළට ගසාගෙන එන ඝන අපද්‍රව්‍ය සියයට 40ත් 50ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ, දකුණ සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක කළ පරීක්ෂණවලදී ජලයේ ගුණාත්මකභාවය වැඩිවී ඇති බව ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවැසීය.
තවද ජලයට මලද්‍රව්‍ය මගින් එකතුවන බැක්ටීරියා ප්‍රමාණයද විශාල වශයෙන් අඩුවී ඇති බවද සඳහන් කළේය.
වරුණි පෙරමුණ
