සහල් නිෂ්පාදකයන්ට උපරිම මිලක් පැනවීමට රජයේ අවධානය
සහල් වෙළෙඳපොළට නිකුත් කළ හැකි උපරිම මිලක් නිෂ්පාදකයන්ට පැනවීමට රජයේ අවධානය යොමු කර ඇත.
සහල් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිලට සහල් අලෙවි කිරීමේදී ගැටලු මතුවන බැවින් සහල් නිෂ්පාදකයන්ට උපරිම මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සාකච්ඡා කර ඇත.
කැකුළු සහල් කිලෝවක් රුපියල් 85කටද, සම්බා හා නාඩු කිලෝවක් රුපියල් 90කටද අලෙවි කළ යුතු බව දන්වා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එහෙත්, සහල් නිෂ්පාදකයන් අදාළ උපරිම මිලට වඩා රුපියලක් අඩුවෙන් සහල් වෙළෙඳපොළට නිකුත් කිරීම හේතුවෙන් සහල් වෙළෙඳාමෙන් ඉවත් වීමට වෙළෙන්දන් තීරණය කර ඇත.
සහල් කිලෝග්රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන පිරිවැය, ප්රවාහන වියදම්, නාටාමි කුලිය ඇතුළු අනෙකුත් වියදම් සැලකිල්ලට ගනිමින් නිෂ්පාදකයන් සඳහා උපරිම මිලක් ප්රකාශයට පත් කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
උදයජීව ඒකනායක
