කල් ඉකුත් වු රථවාහන දඩ ගෙවන්න සහන කාලයක්
කාලය ඉකුත් වී ඇති රථවාහන දඩ පත්රිකා ගෙවීමට සහන කාලයක් ලබා දීමට තීරණය කර තිඛේ.
කොරෝනා වසංගත තත්වය පාලනයට පැනවු ඇඳිරි නීතිය හේතුවෙන් ගෙවීම් සිදු කිරිමට නොහැකි වු රථ වාහන දඩ පත්රිකා සඳහා අතිරේක දඩ මුදලක් අය කිරිමකින් තොරව ගෙවීමට සහන කාලයක් ලබා දීමට පොලිස්පතිගේ එකගතාව මත මුදල් අමාත්යංශය ලේකම්ගේ අනුමැතිය යටතේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත.
ඒ අනුව 2020 මාර්තු පළමුවනදා හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්රිකා අතිරේක දඩ මුදලක් රහිතව ඔ්නෑම තැපැල් හෝ උප තැපැල් කාර්යාලයක් වෙත ගෙවීමට 2020 05 02 දින දක්වා මහජනතාවට අවස්ථාව ඇත.
එමෙන්ම 2020 02 16 දින සිට 2020 02 29 දින දක්වා නිකුත් කර ඇති රථවාහන දඩ පත්රිකා සම්මත අතිරේක දඩ ගාස්තු සහිතව ගෙවීමටද 2020 05 02 දින දක්වා සහන කාලයක් ලබා දී තිඛේ.
මීට අමතරව අඛණ්ඩව ඇඳිරි නීතිය ක්රියාත්මක කොළඹ / ගම්පහ / කලුතර සහ පුත්තලම දිස්ත්රික්ක සඳහා වන වන සහන කාලය ආදල දිස්ත්රික්වල තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘත කිරිමෙන් පසුව දැනුම් දීමට නියමිතයි
