කොරෝනා ආසාදිතයින් ලක්ෂ 25 ඉක්මවයි
ලොව පුරා කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 ඉක්මවා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේ මේ වන විට ආසාදිතයින් 2,500,448ක් වාර්තා වී ඇති බවයි.
ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 171,504ක්.
වැඩිම ආසාදිතයින් පිරිසක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 792,938ක්.
වැඩිම මරණ සංඛ්‍යාව සිදුව ඇත්තේ ඇමෙරිකාවේ වන අතර, එම සංඛ්‍යාව 42,518ක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 204,178ක්.
ඉතාලියෙන් ආසාදිතයින් 181,228ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 155,383ක්, ජර්මනියෙන් ආසාදිතයින් 147,103ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 124,743ක් සහ තුර්කියෙන් ආසාදිතයින් 90,980ක් වාර්තා වේ.
ඇමෙරිකාවට පසුව වැඩිම මරණ ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව, 24,114ක්.
ඊට මඅතරව ස්පාඤ්ඤයේ මරණ 21,282ක්, ප්‍රංශයේ මරණ 20,265ක්, බ්‍රිතාන්‍යයෙන් මරණ 16,509ක් සහ බෙල්ජියමෙන් මරණ 5,998ක් වාර්තා වේ.
