News

තවත් කොරෝනා රෝගීයෙක් රත්නපුරෙන්

අද(21) සවස තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව අද දිනයට කොරෝනා ආසාදිතයින් හය දෙනකු වාර්තා වන අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ වාර්තා වු සෙසු රෝගීන් පස් දෙනා කොළඹ 12, බණ්ඩාරනායක මාවත, ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අනෙක් රෝගියා රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වන අතර කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ළඟින් ඇසුරු කළ අයෙක් බවද පැවසෙයි.