News

කොරෝනා පරීක්ෂණාගාරයක හැදූ එකක් නොවේ

කොරෝනා වෛරසය කිසිදු පරීක්ෂණාගාරයක සැදූ එකක් නොවන බවත් එය සම්පූර්ණයෙන්ම චීනයේ වවුලන්ගෙන් පැතිරී ගිය වෛරසයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු බොහෝ පිරිසක් කොවිඩ් -19 යනු චීනයේ වූහාන් පරීක්ෂණාගාරයක නිපදවූ වෛරසයක් බවට චෝදනා කර සිටියහ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා ෆැඩෙලා චායිබ් කියා සිටින්නේ සියලු පරීක්ෂණවලින් තහවුරු වූ කරුණු මත කොවිඩ් -19 සතුන්ගෙන් මිනිසුන්ට වැලඳුණු වෛරසයක් බවට තහවුරු වී ඇති බවයි.

 

කලණ වීරසිංහ