News

ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල ලිපි බෙදීමේ කටයුතු අද සිට ඇරඹෙයි

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ලිපි බෙදීමේ කටයුතු අද (22) සිට ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඒ මහතා සදහන් කළේ එම ප්‍රදේශවල තැපැල් කාර්යාල පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා විවෘතව තැබෙන බවයි.