News

සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය ඊයේට මිලියන 785

කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය ඊයේ (21 වැනිදා) වනවිට රුපියල් මිලියන 785 ඉක්මවා තිබිණි.

ගැමුණු හේවා රෙජිමේන්තු සේවා මුක්ත භට සංගමය රුපියල් පනස්දහසක්, බලපත්‍රලාභී ගුවන්යානා ඉංජිනේරුවන්ගේ සංගමය රුපියල් ලක්ෂ පහළොවක්, ග්ලැක්සෝ ස්මිත් කේලයින් ඖෂධ ආයතනය (Glaxo smithkline) හා විජය නිෂ්පාදන පෞද්ගලික සමාගම රුපියල් ලක්ෂ පනහ බැගින්ද, නිෂිකෝ අන්තර්ජාතික පෞද්ගලික සමාගම, පීපල්ස් රක්ෂණ ආයතනය සහ රුසියානු අධ්‍යාපන මධ්‍යස්ථානය රුපියල් දසලක්ෂය බැගින් එම අරමුදලට ඊයේ පරිත්‍යාග ලබාදී ඇත.

මෙම මුදල් ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරන විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දුරකථන අංක 0112354479/ 011 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙල අමතා වැඩි විස්තර දැනගත හැක.