News

පිළියන්දල පොලිසියේ තිදෙනෙක් ස්වයං නිරෝධායනයට

පිළියන්දල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා සමඟ සමීපව කටයුතු කළ පිලියන්දල පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනය ට ලක් කර ඇති බව ළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසී ය .

මාළු ව්‍යාපාරිකයාට ඇඳිරි නීති බලපත්‍ර ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙක් හා කැස්බෑව මාර්ග බාධකයේ දී ඔහුව පරීක්ෂා කළ පොලිස් පරීක්ෂක වරයෙක් සහ පොලිස් කොස්තාපල් වරයෙක් මෙලෙස නිරෝධානය සඳහා යොමු කර ඇත.