News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ

රටේ උද්ගතව ඇති තත්ත්වය සහ ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23 වැනිදා) පෙරවරු 10.30ට කථානායක නිල නිවසේදී රැස් වේ. හිටපු කථානායක කරු ජයසූරියගේ සභාපතිත්වයෙන් රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සඳහා එහි සාමාජිකයන් වන අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන අයද සහභාගි වීමට නියමිතය.

සෙසු සාමාජිකයන් වන මහින්ද සමරසිංහ, ආර්. සම්බන්ධන්, තලතා අතුකෝරළ, බිමල් රත්නායක යන හිටපු මන්ත්‍රීවරුන්ද, ජයන්ත ධනපාල, නාගනාදන් සෙල්වකුමාර් සහ ජාවෙඩ් යූෂුෆ් යන අයද සහභාගි වෙති. පාර්ලිමේන්තුව විසුරුවා හැරියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි නොවන අතර සාමාජිකයන් ලෙස කටයුතු කළ මන්ත්‍රීවරුන්ට තවදුරටත් එහි රැස්වීම්වලට සහභාගි වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය හිමිවී ඇත. ඒ අනුව හිටපු කථානායකවරයා ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාමාජිකත්වය තවදුරටත් වලංගු වේ.

අජිත් අලහකෝන්