ජර්මන් සහ නෝර්වේ නායිකාවන්ට රනිල්ගෙන් ප්‍රශංසා ලිපි
ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික සංගමයේ සාමාජිකයන් වන ජර්මන් චාන්සලර් අන්ගෙලා මෙර්කල් සහ නෝර්වේ අග්‍රාමාත්‍ය ආනා සුර්බරෙග් මහත්මිය කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති විධිමත් සහ කඩිනම් පියවර සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් දෙපල වෙත ලිපි යොමු කර තිබේ.
වසංගතය පාලනය කොට ජන ජීවිතය සාමාන්‍ය තත්වටර පත් කිරීම සඳහා ගත් පියවර සම්බන්ධයෙන් ප්රසංව පළ කරන වික්‍රමසිංහ මහතා මේ අර්බුධය හේතුවෙන් පීඩාවට පත් ආර්ථිකය සහ ජන ජීවිතය යළි නංවාලීමේ අභියෝගය ජය ගැනීම සඳහා ඔවුන් නායකත්වය ලබා දෙන බවට විශ්වාසය පළ කරන අතර, ඔවුන් ගත් ක්‍රියාමාර්ග අන් රටවලටද ආදර්ශයක් බව මෙම ලිප්ය මගින් පෙන්වා දී තිබේ.
