News

ඉන්දියාවේ සිටි සිසුන් 101 දෙනා දිවයිනට

ඉන්දියාවේ අමිර්තසාර් හි රැදී සිටි උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් අද(23) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1146 දරන ගුවන් යානයෙන් මෙම සිසු පිරිස ද(23) දින පස්වරු 2.26 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

විෂබීජහරණය කිරීමෙන් පසුව ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි.