News

NSB බැංකුවේ හිටපු සභාපතිට වසර 5ක අත්හිට වූ සිර දඬුවම් සමඟ රු. ලක්ෂ 03ක දඩයක්

රජයට පාඩු වන අයුරින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදවා ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට වසර 5ක අත්හිට වූ සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැදවූ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සිර දඬුවමට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 3ක දඩයක්ද නියම කර ඇත.