News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 368 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළු 29ක් හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිත සමස්ත සංඛ්‍යාව 368 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ පමණක් හඳුනා ගැණුනු රෝගීන් සංඛ්‍යාව 39ක්.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ආසාදිතයින් 254දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

ආසාදිතයින් 107දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 07ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.