News

සාක් රටවල් වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොවිඩ්-19 පිළිබඳ සාකච්ඡා කරයි

පාකිස්ථානය විසින් කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සාර්ක් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සම්බන්‍ධ කර ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුවක් ඊයේ (23) දිනයේ සංවිධානය කර ඇත.

එහිදී සාක් සාමාජික රටවල් අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට එකඟත්වය පල කර තිබේ.

තොරතුරු හා සායනික දත්ත තත්‍ය කාලීනව හුවමාරු කර ගැනීම (real-time sharing), වෛද්‍ය හා සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලවල ධාරිතා වර්ධනය හා පුහුණුව, ඖෂධ හා වෛද්‍ය උපකරණ සැපයීම, පර්යේෂණ සම්බන්ධීකරණය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ඔජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත