රුසියාවේ සිටින ලාංකික සිසුන් එවු වීඩියෝ පටවල තිබුණේ බොරුද ?
ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළින් පසුගිය සතියේ දී ප්‍රචාරය වූ, රුසියාවේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ යැයි කියනු ලබන වීඩියෝ පට කිහිපයක් සම්බන්ධයෙන් රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගේ හා වෘත්තිකයන්ගේ එකමුතුවේ සභාපති, ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්රරකාශයක් කරමින් ඒ පිළිබඳව පැහැදිලි කිරීම් කිහිපයක් සිදුකර ඇත.
රුසියාවේ මේ වන විට, එනම් මෙම ප්‍රකාශය සිදු කරන මොහොත වන විට කොරෝනා ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 68,622 (හැටඅටදහස් හයසිය විසි දෙකක්) ක් ද , COVID19 හේතුවෙන් මියගිය සංඛ්‍යාව 615(හයසිය පහළොවක්) ක් ද වේ.
ඔවුන් කල් වේලා ඇතිව වෛරස ආසාදිතයන් හඳුනා ගැනීමට කටයුතු කිරීම නිසාත්, වහා අවශ්‍ය පියවර ගැනීම නිසාත් COVID19 මරණ සංඛ්‍යාව රුසියාවේ අනෙක් රටවලට සාපේක්ෂව අවම අගයක් ගනී.
ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසන පරිදි, ඔහුට ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ජීවත්වන කිසිදු ප්‍රාන්තයක ආහාර හිඟයක් නොමැති අතර, අන්තර්ජාලය හරහා විශේෂ අමතර ගෙවීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වාගැනීමට පහසුකම් සලසා තිබේ.
එම සංගමය ඉහත වීඩියෝව පිළිබඳව දැනගත් පසු දිනපතා තානාපති කාර්යාලය හා ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සම්බන්ධ කරගෙන තොරතුරු හුවමාරු කරගෙන තිබේ. එමෙන්ම තානාපති කාර්යාලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවතී.
මෙම අවස්ථාවේ වැඩිහිටියකු හා දරුවන් දෙදෙනකුගේ පියෙකු ලෙස දෙමාපියන්ට කලබල නොවන ලෙසත් ශිෂ්‍යයන් ලවා අනවශ්‍ය හෝ සත්‍ය නොවන වීඩියෝ පට ගෙන්වාගෙන පල නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටී. එවැනි කටයුතු අද රුසියාවේ ඇති නීතියට පටහැනි බවත්, මාධ්‍ය වාර්තා අනුව එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ලද කිහිප දෙනෙක් සිරගත කොට හෝ නඩු පවරා ඇත.
එම සංවිධානයේ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත බෝගමුව මහතා හා තිස්ස කුලතුංග මහත්වරුන් ගේ නායකත්වයෙන් යුතු විශේෂ වෛද්‍ය කණ්ඩායම විසින් අවශ්‍ය ඕනෑම මොහොතක ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට අවශ්‍ය උපදෙස් ලබා දීමටත්, තම සංගමය මගින් අවශ්‍ය ඕනෑම උපකාරයක් සිදු කිරීමට සූදානම් බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.
(පසු ලිවීම-අද දින Tver නගරයේ ශිෂ්‍යයන් සමඟ සංවාදයක දී දැනගත් කරුණු අනුව ඉහත වීඩියෝ පටය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් කැඳවා තද පූර්ව දැනුම්දීමක් එම විශ්ව විද්‍යාලය විසින් සිදුකර ඇති බවත්, මෙවන් ක්‍රියාවන් නිසා සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි වීමට වුවද හැකි බව ඔහු පෙන්වා දී තිබේ.)
අවසාන වශයෙන් සහෝදර දෙමාපියන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සාමකාමීව හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත්, සිසුන්ගේ සියලු කටයුතු තානාපති කාර්යාලය එම විශ්වවිද්‍යාල සම්බන්ධ කරගෙන සිදු කරගෙන යන බවත්, දෙමාපිය ඉල්ලීම් ශ්‍රී ලාංකික රජයට හෝ එම අවශ්‍ය ආයතන වෙත සාමූහිකව ඉදිරිපත් කර තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටි අතර සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට ද ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා අමතක නොකළේය.
