පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද සිට යළි විවෘතයි
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තොග වෙළඳාම සදහා අද(25) සිට යළි විවෘත කර තිබේ.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදමින් ගණුදෙනු සදහා පැමිණෙන ලෙසට වෙළෙදුන් හට දැනුම් දුන් බවයි.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මසුන් ලබාගත් පිළියන්දල ප්‍රදේශයේ මත්ස්‍ය වෙළෙන්දෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වීමත් සමග එම වෙළඳ සංකීර්ණය තවකාලිකව වසා දැමුවේය.
කෙසේ වෙතත් එම වෙළඳ සංකීර්ණයේ වෙළදුන් සහ සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ ද ඔවුන්ට කිසිදු වෛරසයක් ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බව සෞඛ්‍ය බලධාරින් සදහන් කළේය.
