කොරෝනා මරණ 197,318ක් දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197,318ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 52,193ක්.
ඊට අමතරව ඉතාලියෙන් මරණ 25,969ක්, ස්පාඤ්ඤයෙන් මරණ 22,524ක්, ප්‍රංශයෙන් මරණ 22,245ක් සහ බ්‍රිතාන්‍යයෙන් මරණ 19,506ක් වාර්තා වේ.
වැඩිම මරණ මෙන්ම වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 925,232ක්.
ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 219,764ක්, ඉතාලියෙන් ආසාදිතයින් 192,994ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 159,828ක්, ජර්මනියෙන් ආසාදිතයින් 154,999ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 143,464ක් සහ තුර්කියෙන් ආසාදිතයින් 104,912ක් ලෙස වාර්තා වේ.
මේ අතර ඉන්දියාවෙන් ආසාදිතයින් 24,530ක් වාර්තා වන අතර එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 780ක්.
