News

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් මුම්බායි නුවරට

ඉන්දියාවේ සිරවී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් පිටත්ව ගොස් ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 143 දරණ ගුවන් යානය අද උදෑසන 09.10ට ඉන්දියාවේ මුම්බායි වෙත පිටත්ව ගොස් ඇත.

ඉන්දියාවේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික සිසුන් 166 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණිමට නියමිතයි.

මෙම ගුවන් යානය අද පස්වරු 03.00ට පමණ යලි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟාවිමට නියමිත බව වාර්ථා වේ