News

ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සමඟම ප්‍රබල අකුණු ද ඇති විය හැකි බව කාලගුණ අංශ පවසයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක වැසි ඇති වෙයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන තැන් වල තාවකාලික තද සුළං ද ඇති වෙයි.