මාතරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමේ තවත් සැකකරුවෙකු අද අත්අඩංගුවට
මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද උදෑසන 6.20ට පමණ මාතර නගරයේදී මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17ක් වන ජයවීර මුහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නමැති වල්ගම, මාතර ලිපිනයේ පදිංචිකරුවෙක් වනවා.
මෙම සැකකරු ඝාතනය සදහා පැමිණි යතුරු පැදිය පැදවූ අය බවට පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
සැකකරු අද (27) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.