මන්නාරම සමූහ මිනිවළේ කැනීම් කටයුතු නැවත අරඹයි – ජර්මන් නියෝජිතයින් පිරිසක් පරීක්ෂාවට පැමිණෙයි
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ කැනීම් කටයුතු නැවත අද(27) ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා පැවසූවේ සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව පසුගියදා නවතා දැමූ අතර, 105 වන දිනට අද(27) නැවත කැනීම් කටයුතු ආරම්භ කළ බවයි.
රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසූවේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ සමූහ මිනිවළ කටයුතු නිරීක්ෂණය වෙනුවෙන් ජර්මානු තානාපති ඇතුළු කාර්යාල නිළධාරීන් පිරිසක් අද(27) සහභාගිවීමට නියමිත බවයි.
අදාළ සමූහ මිනිවළ කැනීම තුළින් වර්තමානය දක්වා මිනිස් සිරුරු 235 කට අදාළ අස්ථි කොටස් හමුවි ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා පැවසූවේ සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 229 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර ගැනීමට හැකිවි ඇති බවයි.
කැනීම් මගින් ඉවත් කළ සිරුරු කොටස් මුද්‍රා තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට ඇති බවද හෙතෙම සදහන් කළේය.
මුලින් පස් ඉවත්කළ කොටසේ අස්ථි සෙවීමේ කටයුතු මේවන විට මතුකරගෙන පවතින අතර, අදාළ ස්ථායට එපිටින් වන අනෙකුත් ස්ථාන හාරා පරීක්ෂා කිරීම තෙවන අදියර යටතේ සිදුකරන බවද හෙතෙම පැවසීය.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය. මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
පුරාවිද්‍ය නිළධාරීන්,රජයේ රස පරීක්ෂක නිළධාරීන්,අධිකරණ වෛද්‍ය නිළධාරීන්ගේ මෙහෙයවීම යටතේ වර්තමානයේ දින 105 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදි මිනිස් සිරුරු 235 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්ථි කොටස් සොයාගෙන ඇති බවද මන්නාරම පොලිස් නිළධාරීන් පැවසීය.
මන්නාරම නව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති. මීට පෙරද මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිල වෙත පිවිසෙන මාර්ගයේ ජල නළ පද්ධතියක් එළීම සිදුකළ පිරිසකටද මෙවැනි ස්ථානයක් හමුවු අතර, එහිදිද මිනිස් සිරුරු 85 කට ආසන්න ප්‍රමාණයක අස්ථි කොටස් හමුවිණ.
අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් එවකට අනුරාධපුර රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි ලෙස කටයුතු කළ ඩි.එල්.වෛද්‍යරත්න මහතා පරීක්ෂණ සිදුකළ අතර, අදාළ අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් අනුරාධපුර රෝහල වෙත රැගෙන යාමද එහිදි සිදුකෙරිණ. එහිදි අනාවරණයට පත්වුයේ අදාළ ස්ථානය පැරණි සුසාන භූමියක් වන බවයි.
වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමේදී සෝමදේව මහතා පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.
අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සදහන් කළේය. සමූහ මිනිවළ තුළින් කුඩා දරුවන් 17 දෙනෙකුගේ ශරීරවල කොටස් හමුවි ඇති අතර,අදාළ අස්ථි කොටස් ෆ්ලෝරිඩාවේ රසායනාකාර පරීක්ෂණ වෙනුවෙන් යොමු කිරීමට නියමිත අතර,ඒ වෙනුවෙන් වන අවසර ලබා ගැනීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරන බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා සදහන් කළේය.