ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනයක් දක්වා ඉහළට
ඇමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 1,010,507ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වැඩිම ආසාදිතයින් මෙන්ම වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද ඇමෙරිකාවෙන් වාර්තා වේ.
එම සංඛ්‍යාව 56,803ක්.
ඇමෙරිකාවේ වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් සහ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙනි.
ආසාදිතයින් 298,004ක් සහ මරණ 22,623ක් නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වාර්තා වේ.
කෙසේ වෙතත් පුද්ගලයින් 138,990ක් පූර්ණ සුව අතට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරයි.
