රටවල් 21ක මිලියන 13කට ප්‍රතිශක්තිකරණ එන්නත් හිඟයක්
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුවීම නිසා වෙනත් රෝගවලට අවශ්‍ය එන්නත්වල හිඟයක් ලොව පුරා රටවල් 21ක මතුව ඇති බව ගෝලීය එන්නත් සන්ධානය (GAVI) උපුටා දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් ඇඩනොම් පවසා ඇත.
ඒ අනුව පෝලියෝ, සරම්ප, කොලරාව, කහ උණ සහ මෙනින්ජයිටිස් වැනි රෝගවලට ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත් හිඟවීම හේතුවෙන් ලොව පුරා මිලියන 13ක ජනතාවක් පීඩාවට පත්ව ඇත.
මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන හෙතෙම ටෙඩ්රොස් මහතා මෙය ළමුන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් බව අවධාරණය කර සිටියි.
මේ අතර උප සහරා අප්‍රිකාවේ මැලේරියා රෝගීන් සංඛ්‍යාව දෙගුණයක් විය හැකි බව, කොවිඩ් -19 වසංගතය මගින් මැලේරියා සේවාවලට ඇතිවිය හැකි බලපෑම ගැන සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
නයන තරංග ගමගේ
ශිරන්තනී මානවඩු
