News

සුදු සීනි උපරිම සිල්ලර මිල ඉවතට

සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පනවා තිබූ උපරිම සිල්ලර මිල සහ ආනයනකරුවන් විකිණිය යුතු උපරිම තොග මිල ඊයේ (28 වැනිදා) සිට ඉවත්කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඉකුත් 2018 වසරේ ඔක්තෝබර් මස12 වැනිදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සුදු සීනි (පැකට් නොකළ) කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100.00 ක උපරිම සිල්ලර මිලක්ද,සුදු සීනි (පැකට් කළ) කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 105.00 ක උපරිම සිල්ලර මිලක්ද නියම කර තිබුණි.

ඊට අමතරව ආනයනකරුවන් විසින් සුදු සීනි කිලෝග්‍රෑමයක් විකිණිය යුතු උපරිම තොග මිල රුපියල් 92.00 ක් බවට නියම කර තිබුණි.

 

උදයජීව ඒකනායක

සාලිය කුමාර ගුණසේකර