News

මුහුදු යාමේදී විමසිලිමත් වන්න – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර සහ දකුණු පලාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල හෙට (01) උදැසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර මුහුදු යාමේදී විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

ඒ, ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යාම හේතුවෙනි.

එම මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.