ඇමෙරිකාවේ කොරෝනා මරණ හැටදහස ඉක්මවයි
ඇමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය ආසාදිතයින් සංඛ්‍යාව 61,669ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙනි.
එම ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 23,474ක්.
නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 306,158ක්.
නිව්ජර්ස් ප්‍රාන්තයෙන් ආසාදිතයින් 116,264ක් වාර්තා වන අතර, එම ප්‍රාන්තයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 6,770ක් වේ.
ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,064,572ක්.
