News

ඇඳිරියෙන් පසු ආපනශාලා විවෘත කිරීමට සෞඛ්‍යාරක්ෂිත නීති ඉල්ලයි

ඇඳිරිනීතිය ඉවත් කළ වහාම ආපනශාලා විවෘත කර සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යෑමට නීතිරීති මාලාවක් හඳුන්වා දෙන ලෙස ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් රජයෙන් ඉල්ලීමක් කරයි.

රජය විසින් මෙතෙක් එවැන්නක් හඳුන්වා දී නොමැති බැවින් එසේ කළහොත් ඒ අනුව කටයුතු කිරීමට ආපනශාලා හිමියන් සූදානම් බවද ඔහු පැවසීය.

එසේම අපිරිසුදු තත්ත්වයේ පවතින ආපනශාලාවලට මුද්‍රා තැබීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

 

වරුණි පෙරමුණ