ගුණසිංහපුරින් මුලතිව්වල නිරෝධායනයට ගිය දෙදෙනෙකු මියයයි
මුලතිව් ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිකත්ෂයට පත්ව තිඛේ.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ සිට නිරෝධානයට යොමු කළ පුද්ගලයින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගේ මෘත ශරිර මුල්ලයාවේලි රෝහලේ තැන්පත් කර ඇත.
කෙසේවෙතත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මොවුන්ට ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැත.
ඊට අදාල පරීක්ෂණ මේ වන විටත් සිදුකෙරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ.
