වැලි, පස් හා බොරළු ප්‍රවාහන බලපත්‍ර ලබන 11 වැනි දා සිට නිකුත් කෙරේ
වැලි, පස් හා බොරළු ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම ලබන 11 වැනි දා සිට යළි ආරම්භ කෙරෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.
දුරස්ථකරණ ක්‍රමවේදයට අනුව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් බලපත්‍ර ලබාගැනීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට පැමිණිය යුතු නැති බවට බලපත්‍ර හිමියන්ට දැනුම්දෙන අතර ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට දුරකතන අංකයක් ලබා දී තිබේ.
0777 57 48 87 යන දුරකතන අංකය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශ පවසයි.
