හුදකලා කර තිබූ මහකච්චකොඩිය ගම්මානය විවෘත කරයි
කොවිඩ් -19 වයිරසය ආසාදිත නාවික හමුදා සෙබලෙකු හමුවීමත් සමඟ හුදකළාකර තිබූ මහකච්චකොඩිය ගම්මානය අද (02) සිට යළි විවෘත කළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
වයිරසය ආසාදිත නාවික හමුදා සෙබලාගේ පවුලේ පිරිස හා ඔහු ඇසුරුකළ පිරිස් වවුනියාව, පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් අනතුරුව සිදුකළ පී.සි.ආර් වාර්තාවෙන් ඔවුන්ට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී නොමැති බවට අනාවරණය වීමෙන් අනතුරුව හුදකළා කොට තිබූ මහකච්චකොඩිය ගම්මානය විවෘත කර තිබේ.
