බන්ධනාගාරයෙන් පනින්න හැදු රැඳවියා මරුට
මහර බන්ධනාගාරයෙන් පලායාමට උත්සහ කිරිමේදී සිදු වූ අනතුරකින් රැදවියෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ පලායාමට උත්සහ කළ තවත් රැදවියන් 06 දෙනෙකු බන්ධනගාර ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන ඇති බවයි.
අද අළුයම තුනට පමණ මහර බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු ලණු හා ඇද ඇතිරිලි ආදියෙන් බන්ධනාගාර තාප්පයෙන් පැනයාමට උත්සහ දරා තිබේ.
