News

ඊයේ දිනයේ PCR පරීක්ෂණ 1468ක්

ඊයේ(03) දිනයේදී ද පුද්ගලයින් 1468 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික හමුදා සාමාජිකයින් 11 දෙනෙකු ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර වන බව යුධ හමුදාපතිවරයා පැවසීය.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 718 ක් වන අතර රෝගීන් 527 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 184 ක් වෙයි.