News

එංගලන්තයට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක්

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තවත් විශේෂ ගුවන් යානයක් එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල්.503 දරණ එම යානය අද(05) අලුයම 12.51ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් ඇත.

ලන්ඩන් හීතෲ ගුවන්තොටුපල බලා පිටත්ව ගිය එම යානය හෙට අලුයම එම ශ්‍රී ලාංකිකයින් පිරිස රැගෙන යළි දිවයිනට ළඟාවීමට නියමිතයි.