සියලු දුම්රිය මැදිරි අලුත් වැඩියාවට කැබිනට් පත්‍රිකාවක්
මෙරට ඇති දුම්රිය මැදිරි සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අලුත් වැඩියා කිරිමට අවසර ඉල්ලා ඉදිරි සතිය තුළ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කරන බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
රත්මලාන ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල අමාත්‍ය මහින්ද මරවිර මහතා ඊයේ පස්වරුවේ රත්මලාන දුම්රිය අංගනයට පැමිණියේය.
